වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සහ ජනතාව මුහුණ දෙන පොදු ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් සංවර්ධන කමිටු රැස්වීමක් ඊයේ (01) වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ. සංවර්ධන කමිටු සභාපති සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, 2026 වසරේ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති 50ක් සඳහා රුපියල් මිලියන 537ක මුදලක් වෙන්කර තිබීම විශේෂ අවධානයට ලක්ව ඇත.
යුද්ධයෙන් අවතැන්ව සිටි සහ නිවාස අවශ්‍යතා සහිත දිළිඳු පවුල් සඳහා නව නිවාස 138ක් ඉදිකිරීමට රුපියල් මිලියන 227.3ක්ද, ග්‍රාමීය මාර්ග 21ක් සහ පාලම් ඉදිකිරීමට පිළිවෙළින් රුපියල් මිලියන 100.25ක් සහ මිලියන 33ක්ද වෙන්කර ඇති අතර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ස්වයං රැකියා අවස්ථා සහ ප්‍රවේශ පහසුකම් සැලසීමටද රුපියල් මිලියන 1,500ක මුදලක් වෙන්කර ඇති බව මෙහිදී සඳහන් වී තිබේ. මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.














