හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මැතිනියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.
වසරක් ඇතුළත ඉදිකිරීම් අවසන් කර රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට නියමිත මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ පළමු මහල පිළිකා රෝගී සායන සඳහාද, දෙවන මහල කීමෝතෙරපි ප්‍රතිකාර ඒකකය සඳහාද වෙන් කෙරෙන අතර, තෙවන සහ සිව්වන මහල් ඇඳන් 24 බැගින් සහිත නේවාසික ප්‍රතිකාර වාට්ටු දෙකකින් සමන්විත වේ. මෙම නව ඒකකය ස්ථාපිත වීමත් සමඟ කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ස්ථාන තුනක පවත්වාගෙන ගිය පිළිකා ප්‍රතිකාර සේවාවන් එකම වහලක් යටට ගෙන ඒමට හැකි වන අතර, ඒ හරහා කළුතර දිස්ත්‍රික්කය ඇතුළු අවට ප්‍රදේශවල පිළිකා රෝගීන්ට වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් ප්‍රතිකාර සේවාවක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.














