ශ්රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්රැන්කොවිග් (Damiano Francovigh) මහතා සහ ශ්රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා අතර නිල හමුවක් අද (02) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ.
27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා වෙත ඉතාලි තානාපතිවරයා මෙහිදී සිය සුභාශිංසන පිරිනමා ඇති අතර, දෙරට අතර පවතින සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් ද පවත්වා ඇත. හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.














