එල්නිනෝ තත්ත්වයත් සමඟ පවතින උග්‍ර වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක සඳහා පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා සඳහන් කළේ, මොණරාගල, මඩකලපුව, පොළොන්නරුව, අම්පාර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව මේ වන විට වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති බවයි. නිසි පරිදි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් පසුගිය සතියට සාපේක්ෂව ආපදාවට ලක්වූ පිරිස යම් වැඩිවීමක් පෙන්නුම් කරන අතර, මෙම මාසය අවසන් වන තෙක් මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරේ.
මේ අතර, පානීය ජල පහසුකම් නොමැති ප්‍රදේශවල ජනතාවට එම පහසුකම් සලසා ගැනීම සඳහා අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙස දන්වා සිටියි. මීට අමතරව, යම් ගැටළුවක් පවතී නම් ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ **0716 807807** යන දුරකථන අංකය අමතා අවශ්‍ය සහන සලසා ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















