පවතින වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ වුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පානීය ජල සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන නමුත්, ජල මූලාශ්රවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සීමාකිරීම් පැනවීමට සිදුව ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා පෙළවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා පැය 4ක කාලයක් ජල සැපයුම සීමා කර ඇති අතර ඉතිරි පැය 20 තුළ ජල සැපයුම සක්‍රියව පවතී. බිබිල, මැදගම සහ මහියංගණය ප්‍රදේශ කිහිපයක අඩු ජල පීඩනයක් වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පළාත් පාලන ආයතන එක්ව පීඩාවට පත් ප්‍රදේශවලට බවුසර් මඟින් ජලය සැපයීමට පියවර ගෙන ඇති අතර මොණරාගල දිස්ත්‍රික්කයේ ලියදිලි සහ ළිං 60කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කර ඇත. නොවැම්බර් මස ඊසානදිග මෝසම් වර්ෂාව ඇරඹෙන තෙක් ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් පරිභෝජනය කරන ලෙසත්, නාස්තිය අවම කරන ලෙසත් ජලසම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.













