හම්බන්තොට වරාය හරහා මෙරටට ආනයනය කරන වාහනවල ‘ස්මාර්ට් යතුරු’ (Smart Key) සොරාගෙන විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම යතුරු මිලදී ගත් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වරාය ආරක්ෂක අංශ විසින් කරන ලද දීර්ඝ සොයාබැලීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන හම්බන්තොට වරාය පොලිසියට භාරදුන් අදාළ සේවකයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, මාස කිහිපයක් තුළ ස්මාර්ට් යතුරු 45ක් පමණ අලෙවි කර රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් උපයා ඇති බව අනාවරණය වී ඇත. යතුරක ස්වභාවය අනුව රුපියල් 6,000ක මුදලකට මෙම යතුරු කුරුණෑගල ව්‍යාපාරිකයාට අලෙවි කර ඇති අතර, සැකකරුවන් දෙදෙනා ඊයේ (11) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.














