බ්‍රිතාන්‍යයේ හැට හැවිරිදි පමණ පුද්ගලයෙකු තම බිරිඳගේ අනුදැනුමකින් තොරව ඇයට මත්ද්‍රව්‍ය ලබාදී ලිංගික අපයෝජනය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගෙන තිබේ.
2004 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ සිදුකළ බව කියන අපරාධ 60ක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස වරද පිළිගෙන ඇති අතර, ඒ අතර බරපතළ ලිංගික අපරාධ චෝදනා කිහිපයක්ද ඇතුළත් බව වාර්තා වේ.
මැන්චෙස්ටර්හි Minshull Street Crown Court හමුවේ මෙම වරද පිළිගැනීම සිදුව ඇති අතර, නීතිමය අනන්‍යතා ආරක්ෂාව හේතුවෙන් අදාළ පුද්ගලයාගේ නම හෙළි කර නොමැත.
අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර අදාළ කාන්තාවද සිය පවුලේ සාමාජිකයින්ගේ සහාය ඇතිව මහජන ගැලරියේ සිට නඩු විභාගය නිරීක්ෂණය කර ඇති බව BBC වාර්තා කරයි.
ඔහුට එරෙහි චෝදනා අතර ස්ත්‍රී දූෂණ කිහිපයක්, ලිංගික ප්‍රහාර සහ අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍යයක් ලබාදීම ඇතුළත් බව සඳහන් වේ.
අධිකරණයේදී චෝදනා ගණනාවකට වරද පිළිගන්නා අවස්ථාවේදී ඔහු දැඩි ලෙස සංවේදී වූ බවද වාර්තා වේ.
Greater Manchester සහකාර ප්‍රධාන කොස්තාපල් රික් ජැක්සන් සඳහන් කර ඇත්තේ, මෙම සංකීර්ණ විමර්ශනයෙන් පසු වින්දිත කාන්තාවට අවශ්‍ය සහාය ලබාදීම පොලීසියේ ප්‍රධාන අවධානය බවයි.
මෙම නඩුවේ වැඩිදුර අධිකරණ කටයුතු ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිතව තිබේ.














