කුරුණෑගල, ගිරිඋල්ල ප්‍රදේශයේ මා ඔය හරහා පිහිටි පල්ලේගම පාලමේ සිරවී තිබූ දැව කඳන් සහ අවශේෂ ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. වැසි සහිත කාලගුණය හේතුවෙන් ජල පහරට හසුව ගසාගෙන ආ කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු පාලම මත සිරවීම නිසා ජලය ක්‍රමවත්ව බැසයාම අවහිර වී තිබූ අතර, එය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා බටහිර නාවික විධානයේ විශේෂ කිමිදුම්කාර කණ්ඩායමක් එම ස්ථානයට යොදවා ඇත.
නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා පාලමේ සිරවී තිබූ දැව කඳන් සහ අවශේෂ සම්පූර්ණයෙන්ම ඉවත් කර, මා ඔයේ ජලය කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි බැසයාමට අවශ්‍ය කටයුතු සලසා දී තිබේ.














