හලාවත වැවිලි සමාගම සහ ලංකා වතු සේවක සංගමය අතර 2026-2029 කාලයට අදාළ නව සාමූහික ගිවිසුම වතු හාම්පුතුන්ගේ සංගම් පරිශ්‍රයේදී අත්සන් කර තිබේ. ඒ අනුව, වතු කාර්ය මණ්ඩලයන්හි වාර්ෂික වැටුප් පළමු වර්ෂ දෙක තුළ 25%කින් සහ අවසාන වර්ෂයේදී තවත් 5%කින් ඉහළ නැංවීමටත්, ජීවන වියදම් දීමනාව රුපියල් 10,000ක් ලෙස මූලික වැටුපට එකතු කිරීමටත් මෙහිදී එකඟ වී ඇත.
මීට අමතරව වාර්ෂික වැටුප් වර්ධකය 20%කින් වැඩි කර ඇති අතර, ගෙවල් කුලී සහ වැඩ ආවරණ දීමනා ඉහළ නැංවීම, මරණාධාර දීමනාව රුපියල් 200,000ක් දක්වා වැඩි කිරීම මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබාදෙන මාසික ශිෂ්‍යත්ව දීමනා ද සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ. හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා සභාපති චන්දන දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














