මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ මව බරපතළ තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ දුම්මලසූරිය – වීරකොඩියාන ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 17 සහ 11ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකි.
බරපතළ තුවාල ලැබූ මව හලාවත මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















