• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුනායක අධිවේගී මාර්ගයේ සොරකම් 100කින් රු. මිලියන 1,770කට වැඩි හානියක්

විගණන වාර්තාවකින් හෙළිවෙයි

28 September 2026
in දේශීය, පුවත්
කටුනායක අධිවේගී මාර්ගයේ  සොරකම් 100කින් රු. මිලියන 1,770කට වැඩි හානියක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්, තඹ කම්බි සහ විදුලි පහන් කණු ඇතුළු උපකරණ සොරකම් කිරීමේ සිද්ධි රැසක් වාර්තා වී ඇති බව 2024 වසරට අදාළ ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.
විගණන වාර්තාවට අනුව 2021, 2022 සහ 2023 යන වසර තුළ සොරකම් සිද්ධි 100ක් වාර්තා වී ඇති අතර, ඉන් සිද්ධි 11ක වටිනාකම රුපියල් මිලියන 580ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. අනෙකුත් සොරකම් 89හි වටිනාකම හඳුනාගෙන නොතිබූ බවද වාර්තාව සඳහන් කරයි.
අධිවේගී මාර්ගයේ මධ්‍ය තීරුවේ ඇති විදුලි රැහැන් සම්පූර්ණ කොන්ක්‍රීට් ආවරණයකින් ආරක්ෂා කර නොතිබීම හේතුවෙන් ඒවා පහසුවෙන් කපා ඉවත් කළ හැකි තත්ත්වයක් පැවති බව ක්ෂේත්‍ර පරීක්ෂාවේදී නිරීක්ෂණය වී තිබේ. පළමු සොරකම වාර්තා වූ 2021 වසරේ සිට සුදුසු ආරක්ෂක ක්‍රමවේද හඳුන්වා නොදීම සහ වගකිවයුතු නිලධාරීන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සොරකම් අඛණ්ඩව සිදුවූ බවද විගණනය පෙන්වා දෙයි.
තවද, පළමු කිලෝමීටර් 10 සඳහා වූ ඉංජිනේරු ඇස්තමේන්තුව සමඟ සැසඳීමේදී සම්පූර්ණ අධිවේගී මාර්ගයේ හානි පූරණය සඳහා වැය විය හැකි මුදල රුපියල් මිලියන 1,770 ඉක්මවන බව විගණන වාර්තාව සඳහන් කරයි. එම හානි සඳහා වගකිවයුතු පුද්ගලයන් හඳුනාගෙන ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම පිළිබඳවද විගණනය අවධානය යොමු කර තිබේ.
මේ අතර, 2026 ජුනි මාසයේදී කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි ආලෝක පද්ධතිය ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 1.0985ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවද වාර්තා වී තිබේ.
Post Views: 8
Previous Post

හැළබණ්ඩාරගමදී යතුරුපැදිය කණුවක ගැටී 17 සහ 11 හැවිරිදි එකම පවුලේ සහෝදරයන් දෙදෙනා මරුට!

Next Post

නේපාලයේ Himlung Himal කන්දේ දැවැන්ත හිම නායයාමක්…

Editor TTV News

Editor TTV News

Next Post
නේපාලයේ Himlung Himal කන්දේ දැවැන්ත හිම නායයාමක්…

නේපාලයේ Himlung Himal කන්දේ දැවැන්ත හිම නායයාමක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved