ප්‍රංසයේ සිව්දින නිල සංචාරයක නිරත ලියෝ පාප් වහන්සේගේ පැරිස් නුවර පැවති එළිමහන් දේව මෙහෙයට ලක්ෂ 8කට වැඩි බැතිමතුන් පිරිසක් සහභාගි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය ලියාපදිංචි වී සිටි ප්‍රමාණයට වඩා ලක්ෂ 2ක වැඩිවීමක් වන අතර, පැරිස් නුවර කිලෝමීටර් 19ක් දිගට විහිදුණු එලිසි වීදිය ඔස්සේ උන්වහන්සේ ගමන් කරද්දී බැතිමතුන් ප්‍රීතිඝෝෂා නඟමින් ආචාර පුද කර ඇත. දැඩි ආරක්ෂක පියවර හේතුවෙන් මධ්‍යම පැරිසියේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
පාප් වහන්සේ නමක පැරිස් නුවර නිල රාජ්‍ය සංචාරයකට සහභාගී වී ඇත්තේ වසර 18කට පසුව වීම විශේෂත්වයකි. මීට පෙර අවසන් වරට 2008 වසරේදී 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ පැරිස් නුවර සංචාරයකට එක්වී තිබිණි. සිය ප්රංස සංචාරය ආරම්භ කරමින් ලියෝ පාප් වහන්සේ නොත්‍රදාම් ආසන දෙව්මැදුරේ යාච්ඤාවකට ද එක්වූ අතර, 2019 වසරේදී එම දෙව්මැදුර ගිනි ගැනීමෙන් පසුව පාප් වහන්සේ කෙනෙකු එහි සංචාරය කළ පළමු අවස්ථාව මෙය වේ.
















