ශ්‍රී ලංකා සහ පෝලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වා තිබේ. පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියංගිකා ధර්මසේන මහත්මිය සහ පෝලන්ත ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආයතනයේ (PISM) ඉන්දියාව හා දකුණු ආසියාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක පැට්රික් කුගීල් මහතා අතර මෙම හමුව සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගෙන ඇති අතර, ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකවරයාගේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ පර්යේෂණ කටයුතුවලට අවශ්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කර ඇත. පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන වෝර්සෝ නුවර පිහිටි පෝලන්ත ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආයතනය, ජාත්‍යන්තර ප්‍රතිපත්ති පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරන ප්රමුඛ රාජ්‍ය මතවාදී කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.
















