ලෝකය සමඟ ඉදිරියට යාමට නම් ශ්රී ලංකාව ශක්තිමත් විදේශ සම්බන්ධතා ගොඩනඟා ගත යුතු බව ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. සමගි ජන බලවේග ප්රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ලෝකයේ රාජ්ය නායකයන් එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වී සිටින අවස්ථාවක ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා දිස්ත්රික්කවලට ගොස් දේශපාලන කටයුතුවල නිරත වීම අනුමත කළ නොහැකි බවත්, රටක් ලෙස ඉදිරියට යාමට එවැනි ජාත්යන්තර සමුළුවලට සහභාගී වීම අත්යවශ්ය බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
බලය ලබා ගැනීමට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට සහ නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ගෙන එන බවට ප්රකාශ කළද, වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ධුරයේ බලය වැඩි කර ගනිමින් ව්යවස්ථාවේ එක් වගන්තියක් පමණක් වෙනස් කිරීමට කටයුතු කර ඇති බව මන්ත්රීවරයා චෝදනා කළේය. එසේම විදුලි බිල, ඉන්ධන මිල සහ මිල සූත්රය සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු ඉටු කර නොමැති බවත්, ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉලක්කවලටත් වඩා එහා ගොස් ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කරගැනීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














