එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති බව එරට රාජ්‍ය පුවත් සේවය (WAM) වාර්තා කරයි. ඊශ්‍රායල අගමැතිවරයාගේ මෙම ගල්ෆ් සංචාරය සහ හමුව පිළිබඳව එමීර් රාජ්‍යය නිල වශයෙන් තහවුරු කළ පළමු අවස්ථාව මෙය වන අතර, දෙරටේ සබඳතා වර්ධනය කරගැනීම මෙන්ම කලාපීය අභියෝග සහ විශේෂයෙන්ම ඉරානය සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
ඉරාන යුද උණුසුම හමුවේ කලාපීය බලපෑම් වැඩි කරගැනීමේ අරමුණින් සහ 2020 ආබ්‍රහම් ගිවිසුම මත ගොඩනගාගත් සබඳතා තවදුරටත් තහවුරු කරගනිමින් මෙම හමුව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
















