ශ්‍රී ලංකාවට ක්ෂය රෝග නාශක ඖෂධ ටොන් 3ක පමණ ප්‍රමාණයක් ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සී-130ජේ (C-130J) ගුවන් යානයකින් කොළඹ වෙත එවා ඇති බව ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව නිරන්තරයෙන්ම කැපවී සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
















