‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සුරක්ෂා’ කුසලතා සංවර්ධන හා දිවාසුරැකුම් මධ්‍යස්ථාන වැඩසටහනේ දෙවන මධ්‍යස්ථානය කෑගල්ල, තෝලංගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී අද (29) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. දිවයිනේ සෑම පරිපාලන දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එවැනි මධ්‍යස්ථාන 25ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, ආබාධ සහිත දරුවන් සිටින පවුල්වල මව්පියන්ට සහ භාරකරුවන්ට තම රැකීරක්ෂා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සැනසිලිදායක පරිසරයක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණයි.
















