නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ දේහය සප්තකන්‍යා කන්ද පාමුල පිහිටි ලියන්වල ඔයේ තිබියදී අද (29) සොයාගෙන තිබෙනවා.
නෝටන්බ්‍රිජ් පොලිසිය සඳහන් කළේ, මෙලෙස සොයාගෙන ඇත්තේ මස්කෙළිය මාවුස්සාකැලේ වතුයායේ පදිංචිව සිටි එස්. සභාපති නමැති 40 හැවිරිදි පුද්ගලයෙකුගේ දේහය බවයි.
නෝටන්බ්‍රිජ් ටෙබටන් වතුයායේ පදිංචිකරුවන් පානීය ජලය ලබාගන්නා ජල නළයක් ගැලවී යාමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීමට ගිය පිරිසකට ලියන්වල ඔයේ තිබූ දේහය දැක ගැනීමට හැකිව තිබෙනවා.
අනතුරුව ඒ පිළිබඳව නෝටන්බ්‍රිජ් පොලිසියට දැනුම්දී ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව ඔහුගේ සහෝදරයා විසින් තහවුරු කර තිබෙනවා.
මියගිය පුද්ගලයා මීට දින හතකට පමණ පෙර ටෙබටන් ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණීමෙන් පසු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් මස්කෙළිය පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබූ බව වාර්තා වනවා.
දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බව නෝටන්බ්‍රිජ් පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.















