2026 සමාජ ආර්ථික දත්ත සම්බන්ධයෙන් රජය, මහ බැංකුව සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ දුප්පත්කම සම්බන්ධයෙන් පැරණි දත්ත භාවිත කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ, ආර්ථික දර්ශක සඳහා මෑත කාලීන දත්ත භාවිත කර තිබුණද, දුප්පත්කම, ගෘහ ආදායම් හා වියදම් ඇතුළු කරුණු සඳහා 2016 සහ 2019 වසරවල දත්ත භාවිත කර ඇති බවයි.
දුප්පත්කම, ආදායම් බෙදීයාම සහ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් වත්මන් දත්ත ඉදිරිපත් නොකිරීම ගැටලු සහගත බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහාද මෙම දත්ත භාවිත කරන්නේදැයි ප්‍රශ්න කර සිටියි. කෙසේ වෙතත්, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණය වසර තුනකට වරක් සිදු කරන බව වන අතර, අයවැය ඉදිරිපත් කිරීමට පෙර නිවැරදි හා යාවත්කාලීන දත්ත මත පදනම් වූ වාර්තාවක් නිකුත් කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.















