අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබෙනවා.
ඒ අනුව, සිකුරාදා පෙරවරු 10.00ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී පැවැත්වූ රැස්වීමකදී විමල් වීරවංශ අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.
එම පැමිණිල්ලට අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර ඇති අතර, එහි කොටසක් ලෙස විමල් වීරවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.
















