එළඹෙන මාස තුන සඳහා ඉන්ධන සහනාධාර ලබාදීමේ දී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාර මුදලක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
අද (30) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමේ බර සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා මත නොදමා සහනයක් සැලසීමට රජය පියවර ගෙන ඇති බවත්, මෙම සහනාධාරය ලබාදීමත් සමඟ පෞද්ගලික ඉන්ධන සමාගම් තොග නිකුත් කරනු ඇති අතර එමඟින් පවතින ඉන්ධන හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත්ය.
















