කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කරන ලද සිසුන් 330ක් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම පසුගියදා සිදු කර තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි කෘෂිකර්ම විද්‍යාල 11ක ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු සිසුන් වෙත මෙම සහතිකපත් ප්‍රදානය කර ඇති අතර, මෙහිදී දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළ අවස්ථා සඳහා නව මාවත් විවර කර දීමද සිදු කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබේ.
















