රුපියල් බිලියන 7.7ක පමණ මූලික ඇස්තමේන්තුගත වටිනාකමකින් යුත් අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ කෙටුම්පත් යෝජනාව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත භාරදී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව මෙම යෝජනාව සකස් කර ඇති අතර, ඉන්දීය රජයෙන් ඊට මූල්ය සහාය ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරයි.
සංවර්ධන ව්යාපෘතිය 2026 වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, පූජා නගරයේ ඓතිහාසික හා ආගමික වැදගත්කම ආරක්ෂා කරමින් පවතින යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.
ඒ යටතේ ප්රවේශ මාර්ග ප්රතිසංස්කරණය, අපද්රව්ය බැහැර කිරීම හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම අබලන්ව ඇති ස්ථාන ප්රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සිදු කිරීමට යෝජනා කර තිබේ.
අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා සිය ශ්රී ලංකා සංචාරයේදී එකඟතාව පළ කර තිබූ අතර, එම අවස්ථාවේදී ජය ශ්රී මහා බෝධීන් වහන්සේද වැඳපුදා ගත්තේය.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා සංඝරත්නය සහ අදාළ පාර්ශ්ව සමඟද මෙම සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කර එය කඩිනමින් ක්රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
















