උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කළ බදුල්ල නගරයේ වෙළෙඳ ආයතනයකට බදුල්ල මහේස්ත්රාත් අධිකරණය රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ.
අදාළ වෙළෙඳසැලේ කිලෝග්රෑම් 5ක කීරි සම්බා සහල් ඇසුරුමක් නියමිත උපරිම සිල්ලර මිල වන රුපියල් 1,300 වෙනුවට රුපියල් 1,850කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව කිලෝග්රෑම් එකකට නියමිත රුපියල් 260 වෙනුවට රුපියල් 370 බැගින් අය කර ඇති අතර, කිලෝග්රෑම් 5ක ඇසුරුමකින් රුපියල් 550ක අමතර මුදලක් අය කර තිබේ.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් රුපියල් 500,000ක දඩයක් නියම කර ඇත.
පාලන මිලක් නියම කර ඇති සහල් ඇතුළු භාණ්ඩ උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
එවැනි අලෙවියක් පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා තිබේ.
















