කුරුණෑගල ප්රාදේශීය සභාව මගින් පාලනය වන වැල්ලව නගරයේ පැරණි ව්යාපාරික ස්ථාන හතරක් ඔක්තෝබර් 3 වැනිදා රාත්රියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. වැල්ලව සතිපොළ ඉදිරිපිට පිහිටි මෙම ව්යාපාරික ස්ථානවලට ගින්න පැතිර ගොස් ඇති අතර, සිද්ධියෙන් ජීවිත හානි සිදුව නොමැති බව ප්රාදේශීය සභා ලේකම්වරයා සඳහන් කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැති අතර, විදුලි කාන්දුවක් හේතුව විය හැකි බවට සැක පළ කර ඇති බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, වැල්ලව පොලිසිය සහ වැල්ලව ව්යාපාරික සංසදය එක්ව කටයුතු කර තිබේ. ගින්නෙන් සිදුවූ දේපළ හානියේ ප්රමාණය පිළිබඳව මෙතෙක් නිල තක්සේරුවක් නිකුත් කර නොමැත.














