ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයක් අද (5) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය පෙරවරු 9.00ට NAQDA ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
දිවයිනේ ජලජීවී වගා ක්ෂේත්රය සහ සාගර සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස සංවර්ධනය කිරීම මෙන්ම NAQDA ආයතනයේ කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙම බඳවාගැනීම්වල අරමුණ බව වාර්තා වේ.














