ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ප්‍රධාන අවශ්‍යතා දෙකක් සපුරාලිය යුතු බව IMF පවසයි. ඒ අනුව, වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ මූල්‍ය සහතික කිරීම් සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම ඊට ඇතුළත් වේ.
විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුව, විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ 7 වැනි සමාලෝචනයට අදාළව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක් පමණ වන මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇත. IMF ලේඛනවල මෙම වාරිකය SDR මිලියන 254ක් ලෙස දක්වා තිබේ.
සැප්තැම්බර් 23 වනදා IMF කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටි අතර, එම අවස්ථාවේදී Staff-Level Agreement එකකට පැමිණීම සඳහා සාකච්ඡා තවදුරටත් සිදුවන බව IMF සඳහන් කර තිබුණි.














