පේරාදෙණිය දෙසින් පැමිණි දුම්රියක් පීලිපැනීමට ලක්වීමෙන් අනතුරුව එය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීම හේතුවෙන්, අද උදෑසන කොළඹ කොටුවේ සිට ගම්පොළ බලා ධාවනය වූ අංක 1005 පොඩි මැණිකේ දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේදී නතර කර ආපසු කොළඹ කොටුව බලා ධාවනය කර ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් එම දුම්රියෙන් ගම්පොළ බලා ගමන් කළ මගීන්ට ගම්පොළ දක්වා ගමන් කිරීමට නොහැකි වී තිබේ. අංක 1005 පොඩි මැණිකේ දුම්රිය සාමාන්‍යයෙන් කොළඹ කොටුවෙන් පෙරවරු 5.55ට පිටත්ව ගම්පොළට පෙරවරු 9.06ට ළඟාවීමට නියමිත දුම්රියකි.
සිද්ධිය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට සිදුව ඇති බලපෑම පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වේ.














