ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර ඇති නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කරගෙන තිබේ.
අදාළ නඩුකරය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් අභියාචනය ඉල්ලා අස්කර ගන්නා බව කබ්රාල් මහතාගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩු කටයුතු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධිකරණ තීරණ මත තීරණය වනු ඇත.














