ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වැඩි දියුණු කොට පුළුල් කිරීම සඳහා, සංවාදයක් පැවැත් වු බව බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එහිදී නිත්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පනි (CHEC) පෝර්ට් සිටි කලම්බු (ප්‍රයිවට්) ලිමිටඩ් සමඟ එක්ව, ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා තායිලන්තයේ ප්රමුඛ රේඛීය නියෝජිතායතන සහ වාණිජ වෙළඳ මණ්ඩලවලට ඇරයුම් කරමින් ඉහළ පෙළේ සංවාදය සඳහා එක්ව ඇත.
තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, තායිලන්ත ආයෝජන මණ්ඩලය, තායිලන්තයේ තායි වාණිජ මණ්ඩලය සහ වෙළඳ මණ්ඩලය, තායි කර්මාන්ත සම්මේලනය, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා, මැද පෙරදිග සහ අප්‍රිකානු කටයුතු දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක්, දෙරට අතර ද්විපාර්ශ්වික ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සහ හඳුනාගැනීම සඳහා මෙම ප්රගාමී සංවාද සඳහා ක්‍රියාකාරී ව සහභාගී වූහ.
CHEC වරාය නගරය මඟින් ශ්‍රී ලංකාවෙන් පිරිනැමිය හැකි බහුවිධ ආයෝජන අවස්ථා මෙම සාකච්ඡා තුළින් විමසීමට ලක් කෙරුණු අතර, තායිලන්තයේ සැපයුම් දාම මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායන් බලගැන්වීමේ විකල්පවලට අමතර ව එහි ප්‍රධාන අංශ හය වන නිෂ්පාදනය, තොරතුරු තාක්ෂණය, ආගන්තුක සත්කාර හා සංචාරක කර්මාන්තය, කෘෂි හා ආහාර සැකසුම්, යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා යන අංශ ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.
මෙම ඉහළ පෙළේ සංසදයේ ආරම්භක දේශනය සිදු කරමින්, තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති, එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික සහ සමාජීය කොමිසමේ (UNESCAP) නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මහත්මිය ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ නියෝජිතයන් උණුසුම් ලෙස පිළිගත් අතර, ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව සහ විසි වැදෑරුම් විදේශ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ යටතේ, තිරසාර සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඉහළ මට්ටමේ ව්‍යාපාර සිදු කරන ආයෝජන හිතකාමී රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බව පැවසුවාය.
අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඕ-චා මහතා සහ ශ්‍රී ලංකාවේ තානාපතිනිය අතර මෑතක දී සිදු වූ හමුවේ දී, තායිලන්ත ආයෝජකයන්ට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සහ ශ්‍රී ලංකාවේ වෙනත් ආයෝජන අවස්ථා සඳහා ආයෝජනය කරන ලෙසට කළ ඇරයුම පිළිගැනීම පිළිබඳව තානාපතිනිය මෙහි දී ගෞරවයෙන් සිහිපත් කළ අතර, කෙටි කාලයක් තුළ දී වුව ද, මාර්ගගත හමුවක් පැවැත්වීම සඳහා පහසුකම් සැපයූ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු, මැද පෙරදිග සහ අප්‍රිකානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඩාර්ම් බූන්තම් මහතා වෙත තම විශේෂ ස්තුතිය පිරිනැමුවාය.
ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති සංජය මොහොට්ටාල මහතා, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආයෝජන පසුබිම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ආයෝජන කේන්ද්‍ර කොටගත් සුවිශේෂී යෝජනා ගෙන හැර දක්වමින් මෙසේ පැවසීය. “මෙම සාකච්ඡා මඟින් අපව පරිවර්තනීය වෙනසකට මෙන්ම දෙරටෙහි ම ආර්ථික ක්ෂේත්රවල අනාගතයට ධනාත්මක බලපෑම් එල්ල කළ හැකි විසල් ආයෝජන අපේක්ෂාවන් රැසකට මං පෙත් විවර කොට දී ඇත. ශ්‍රී ලංකාව ගතික හා බහුකාර්ය අවස්ථාවන් ලබා දෙන අතර, මෙම ශක්‍යතාවයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා තායිලන්තයේ ආයෝජන ප්‍රජාව සාදරයෙන් පිළිගන්නෙමු. එමඟින් ගෝලීය ව්‍යවසායයන්ට CHEC වරාය නගරය හරහා ශ්‍රී ලංකාවේ කලාපීය මූලස්ථාන පිහිටුවීමට සහ වෙළෙඳපොළ ප්‍රවේශය, භූගෝලීය පිහිටීම, ආර්ථික මූලධර්ම, ජයග්‍රාහී හා හැකියාවෙන් යුතු කුසලතාවයන් සහ ජීවිතයේ ගුණාත්මකභාවය යන මූලික අංග ඇතුළත් අපගේ උපායමාර්ගික ආයෝජන යෝජනාවලින් මුළුමනින්ම ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව හිමි වේ.”
කොළඹ වරාය නගරයේ මෙරට විකුණුම් හා ආයෝජක සබඳතා කළමණාකාර, රාධික ඇල්ලේපොළ මහත්මා ව්‍යාපෘතියේ මහසැලැස්ම ඉදිරිපත් කළේය. ව්‍යාපෘතියේ ප්‍රගතිය, නවීනතම යටිතල පහසුකම්, තිරසාරභාවය, බහු සේවා විශේෂ ආර්ථික කලාපයේ (SEZ) ආයෝජනය කිරීමට ඇති අසමසම අවස්ථා සහ එහි කැපී පෙනෙන ලක්ෂණ පිළිබඳව ඔහු විස්තර කළේය. ආයෝජන අවස්ථා ගවේෂණය කළ හැකි නේවාසික, වාණිජ, ආගන්තුක සත්කාර සහ මිශ්‍ර භාවිත සංවර්ධනයන් යන ප්‍රධාන දේපල වත්කම් පංති හතරේ අනෙකුත් නිලධාරීන් සහ තායි වෙළඳ මණ්ඩල ද ඔහු දැනුවත් කළේය. සුවිශේෂී භූගෝලීය පිහිටීම හේතු කොටගෙන කොළඹ වරාය නගරය තුළින් විශේෂිතවාසියක් හිමි වන බවත්, කලාපයේ සේවා සඳහා කේන්ද්‍රස්ථානය ලෙස එමඟින් සේවය ලබා දිය හැකි බවත් හෙතෙම පැවසුවේය.
තායි කර්මාන්ත සම්මේලනය නියෝජනය කරමින්, තායිලන්තයේ ආයෝජන මණ්ඩලයේ තායි ව්‍යවසාය සංවර්ධන අංශයේ අධ්යක්ෂ පුන්ලොප් පුන්‍යසිරි මහතා, තායිලන්ත වෙළඳ මණ්ඩලයේ දකුණු ආසියා, මැද පෙරදිග සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ උප සභාපති සොන්සාං පටවානිච් මහතා සහ ඇඟළුම් කර්මාන්ත සංගමයේ සභාපති සොම්සක් ශ්රිසුපෝර්න්වනිච් මහතා සංසදය ඇමතූහ.
Sri Lanka and Thailand hold high-powered talks to explore mutually beneficial investment corridors
To further enhance and expand investment corridors between Sri Lanka and Thailand, the Embassy and Permanent Mission of Sri Lanka in Bangkok, together with the Board of Investment of Sri Lanka and China Harbour Engineering Company (CHEC) Port City Colombo (Pvt) Ltd, co-hosted a high-powered dialogue by inviting leading line agencies and trade chambers of commerce of Thailand to an opportunity exploration meeting recently.
Several senior level dignitaries from Thai-Sri Lanka Chamber of Commerce; Thailand Board of Investment; Thai Chamber of Commerce and Board of Trade Thailand; Federation of Thai Industries; Department of South Asian, Middle East & African Affairs, Ministry of Foreign Affairs of Thailand and Department of International Economic Affairs, Ministry of Foreign Affairs of Thailand actively participated in these progressive talks to explore and identify bilateral investment opportunities between the two countries.
The discussions explored multiple investment opportunities Sri Lanka could offer by way of the CHEC Port City and also, its six thrust sectors of Manufacturing, ICT, Hospitality & Tourism, Agri & Food Processing, Infrastructure and Other Services, in addition to options that could also enable Sri Lankan enterprises to expand supply chain operations in Thailand.
Opening the high-powered forum, Ambassador of Sri Lanka to the Kingdom of Thailand and Permanent Representative to United Nations Economic and Social Commission for Asia and the Pacific (UNESCAP) C.A. Chaminda I. Colonne warmly welcomed representatives from both Sri Lanka and Thailand and said, “Under the National Framework ‘Vistas of Prosperity & Splendour’, and the twenty Foreign Policy guidelines of the present Government led by the President Gotabaya Rajapaksa of Sri Lanka, priority has been given, for Sri Lanka to become an investment friendly country with high levels of doing business to attract sustainable foreign direct investments.”
Ambassador recalled with honour, the acceptance of her invitation extended to Prime Minister General Prayut Chan-o-cha, for Thai investors to invest in the Colombo Port City Project and other investment opportunities in Sri Lanka, during her recent courtesy call and conveyed special gratitude to Director-General Darm Boontham of the Department of South Asian, Middle East and African Affairs of the Ministry of Foreign Affairs of Thailand for facilitating to arrange the virtual meeting within a short time span.
Chairman of the Board of Investment (BOI) Sri Lanka, Sanjaya Mohottala, while providing a comprehensive overview of Sri Lanka’s compelling investment climate and outlining Sri Lanka’s unique investment focused propositions, said, “These discussions have exposed us to the vast potential of investment prospects that can open the doors for transformational change and positively impact the future of both our economies. Sri Lanka offers dynamic and multifold opportunities, and we warmly welcome the investment community of Thailand to take advantage of this potential, which enables global enterprises to establish regional headquarters in Sri Lanka through the CHEC Port City and make full use of our suite of strategic investment propositions ranging from its key thrust sectors, market access, geographic location, economic fundamentals, winning & capable talent, and quality of life.”
Port City Colombo Country Manager – Sales and Investor Relations Radhika Ellepola presented the project’s Master Plan. He elaborated on the progress of the project, state-of-the-art infrastructure, sustainability, unmatched opportunities to invest in the multi services Special Economic Zone (SEZ) and its salient features. He apprised the Thai business chambers and other officials of the four main real estate asset classes – Residential, Commercial, Hospitality and Mixed Use Developments in which opportunities can be explored.
He added that Port City Colombo offers a unique advantage given its geographically significant location and that it can serve as the region’s hub for services.
Director of Thai Enterprise Development Division of Board of Investment Thailand Punlop Punyasiri, Vice Chairman of Committee on South Asia, Middle East and Africa Affairs of Board of Trade Thailand Songsang Patavanich, and President of Textile Industry Association Somsak Srisupornwanich, representing Federation of Thai Industries also addressed the forum.