• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC Quickmed.lk සමඟ එක්වී තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට සුවිශේෂී ප්‍රතිලාභ පිරිනමයි

29 September 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට Quickmed.lk වෙතින් ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔවුන්ට විශේෂ දීමනා ලබාදීම සඳහා විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය.

මේ යටතේ 2021 සැප්තැම්බර් 30 දින දක්වා Quickmed.lk වෙතින් රු. 6,500 හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ඖෂධ ඇතුළු භාණ්ඩ මිලදී ගන්නා DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පොලී රහිතව, මාස 12 ක් දක්වා පහසු ගෙවීමේ කාලයක් ලබාගත හැකි වේ. එමෙන්ම ඔවුන්ට එම බිල්පතෙහි සමස්ත වටිනාකමට 15% ක වට්ටමක් සමගින් 1% ක CashBack දීමනාවක්ද හිමිවනු ඇත. මෙම වැඩසටහනෙහිම කොටසක් වශයෙන්, 2021 සැප්තැම්බර් 30 දින දක්වා ලබාගන්නා නව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලියාපදිංචි ගාස්තුව සහ ප්‍රථම වර්ෂයට අදාළ වාර්ෂික ගාස්තුව අය නොකිරීමටද DFCC බැංකුව තීරණය කර ඇත. DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ නව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඉල්ලුම් කළ හැකි වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල ඔසුසල් වලින් එකක් වන Quickmed.lk, පාරිභෝගිකයන් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ ඔවුන්ගේ නිවෙස් වලටම ගෙනගොස් භාරදීමට කටයුතු කරයි. දිවයින පුරාම තම සේවාවන් ක්‍රියාත්මක කරන අන්තර්ජාල ඔසුසල් කිහිපය අතරින් එකක් වන එය, පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස නිවෙස් වල රැඳී සිටිමින් තමන්ට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය නිෂ්පාදන නිවෙසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ලබාදෙන කාලීන සේවාවකි.

DFCC බැංකුව සහ Quickmed.lk අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වන්නේ, උසස් තත්ත්වයේ සෞඛ්‍ය හා ශරීර සුවතා නිෂ්පාදන මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන මූල්‍යමය දුෂ්කරතා වලදී ඔවුන්ට සහනයක් ලබාදීම ය. මෙමගින් DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට තම මුදල් මැනැවින් කළමනාකරණය කරගනිමින් තමන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති/ කාඩ්පත් අංශයේ ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා මෙසේ පැවසී ය. “Quickmed.lk සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹුණු බව අප නිවේදනය කරන්නේ ඉතාමත් සතුටින්. මෙමගින් DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වාසි රැසක් සැලසෙන අතර, විශේෂයෙන්ම මෙමගින් ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ අඩු වියදමකින් සහ පහසු ගෙවීමේ ක්‍රම යටතේ මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ගනුදෙනුකරුවන්ගේ වියදම් අවම කරන ක්‍රම හඳුන්වා දීම, ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක් ලෙස අප සෑම විටම ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරනවා. මෙම හවුල්කාරීත්වය ඔස්සේ අප හඳුන්වා දී ඇති දීමනා සහ පහසු ගෙවීමේ ක්‍රම, නැවුම් ආකාරයේ විසඳුම් ඔස්සේ නව වටිනාකම් තිළිණ කිරීමට අප ගන්නා නිරන්තර උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි.”

Quickmed.lk හි ප්‍රධාන විධායක නිලධාරී සුජීව සමරවීර මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “DFCC බැංකුව සමග අප ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, රටේ සියලුම දෙනාට ඉහළම තලයේ සෞඛ්‍ය සේවා විසඳුම් සමීප කරවීමට අප දරන උත්සාහයට ලැබුණු මහඟු අත්වැලක් ලෙස හැඳින්විය හැකියි. අපගේ ඉලක්කය වන්නේ රටේ සෑම දෙනාටම, තමන්ට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් නිෂ්පාදන සහනදායී ලෙස නිවෙස් වලට ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙම හවුල්කාරීත්වය නිසා එම ඉලක්කය ළඟා කරගැනීමට අපට වඩාත් පහසු වේවි. වසංගත රෝග ව්‍යාප්තිය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන ආර්ථික අභියෝග හමුවේ මෙම හවුල්කාරීත්වය මගින් ලැබෙන ප්‍රතිලාභ බොහෝ දෙනෙකුට අතිශයින් වැදගත් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”

ඉදිරියටත් මේ ආකාරයට විවිධ පාර්ශ්වයන් සමග හවුල්කාරීත්වයන් ඇතිකර ගනිමින්, තම ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් වෙත ඉහළම ප්‍රතිලාභ සැලසීමට DFCC බැංකුව නිරන්තරයෙන් කටයුතු කරනු ඇත.

පිටපත -PR

Post Views: 2
Previous Post

දුෂ්කර ගම්මාන වල කෘෂි මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 255 ක්

Next Post

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සිකුරාදා අලුයම ඉවත් කෙරේ

editor

editor

Next Post

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සිකුරාදා අලුයම ඉවත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved