මාතලේ, කලුදෑවල ප්‍රදේශයේ එක පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පිහියකින් ඇන ඝාතනයක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (12) පස්වරුවේ සිදු වු පවුල් ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර ඝාතනය සිදු කල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.