27 April 2024
#දේශීය

උකුවෙල නිවෙස් ඉදිරිපිට අලංකාර සඳහා ඇඟයීමක්

උකුවෙල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ නිවෙස් ඉදිරිපිට ඇති මාර්ග අලංකාරව තබා ගන්නා නිවෙස් හිමියන් වෙත ඇගයිමක් සිදු කිරිමට මාසික මහ සභා රැස්විමේ දි තිරණය කෙරුණි.

උකුවෙල ප්‍රාදේශිය සභා සභාපති ඩි.ඩබ්.එම් චේතියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 12 දා උකුවෙල නගර ශාලවේදි පැවති මාසික මහ සභා රැස්විමේදි මෙම කරුණු අනාවරණය විය.

සභාවට යෝජනාව ඉදිරිපත් කරමින් කරුණු දැක්වු මන්ත්‍රි(ශ්‍රිලංපො.පෙ) සිසිර ජයම්පති ඇටිපොල මහතා කියා සිටියේ සභා බල ප්‍රදේශයේ කොහොඹිලිවෙල ප්‍රදේශයේ පුද්ගලයකු තම නිවස ඉදිරිපිට මාර්ගය මල් වවා ඉතා අංලකාරව තබා ගෙන ඇති බවත් එය අන් අයටද ආදර්ශයක් බවත් ඔවුන් දිරි ගැන්විම සදහා ඇගයිමේ වැඩපිළිවෙල් දියත් කළ යුතු බවත් ඇතැම් පිරිස් විසින් සිය කුණු මල්ලද මාර්ගය අයිනට ගෙනවිත් දමන යුගයක මෙවැනි ක්‍රියාකාරකම් අගය කළ යුතු බවය.

මෙහිද අදහස් දැක්වු මන්ත්‍රි(ශ්‍රි ලං.පො.පෙ) ගාමිණි කුලතුංග මහතා කියා සිටියේ මෙම තිරිණය ඉතා කාලෝචිත බවත් මේ පිරිස් සදහා ගෙවතු අලංකරණ උපකරණ හෝ දිරිපමත් කිරිම සදහා මුදල් ත්‍යාගයක් ලබා දිය යුතු බවද පැවසිය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *