වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේදිය.
අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවද වෘත්ති සමිති නියෝජිතයින් අද පැවසුවේ එම හිඟ වැටුප් එකවර ගෙවන ලෙසයි. එය නිවැරිදි ආකාරයට ගෙවීම් සිදු නොකර ගුරු සේවය බලාපෛාරොත්තු නොවන ලෙස ද එම වෘත්තිය සමිති අද කැඳවා තිබි මාධ්‍ය හමුවේදී පැවසිය.
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති අදට දින 94 ක් පුරා මෙම අරගලයේ නිරතව සිටියි.
ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාල විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයටපත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.