• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කසල තේ තොගයක් කාබනික පොහොර වලට මිශ්‍ර කරන්නට ගෙනැවිත් එප්පාවලදී උණුුසුම්

14 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාබනික පොහොර නිශ්පාදනය සඳහා කලවම් කිරීමට ගෙන ආ බවට පැවසෙන කසල තේ තොග වල ඇසුරුම් එප්පාවල ඇඳගල ප්‍රදේශයේ රජයේ වී ගබඩා වල ගිණි තැබීමට හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් හා එම ස්ථානයේ සිටි පිරිස අතර උණුසුම් තත්වයක් ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ ඇති විය.

ඉඩම් ප්‍රථිසංස්කරණ කොමිෂන් සභාව මගින් නිෂ්පාදනය කරන කාබනික පොහොර සඳහා කලවම් කිරීමට බව පවසා ඊයේ (13) රාත්‍රියේ එප්පාවල ඇඳගල ප්‍රදේශයේ රජයේ වී ගබඩා වෙත කන්ටේනර් දෙකකින් රේගුව මගින් අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට නියමිතව තිබූ කසල තේ තොග ගෙනවිත් ගබඩාව අසලම ඒවායේ ඇසුරුම් ඉවත් කර එම කාඩ්බෝඩ් ඇසුරුම් වලට (පෙට්ටි) හා පොලිතීන් කවර වලට එම පරිශ්‍රයේම ගිණි තැබීම හේතුවෙන් අවට නිවෙස් වෙත දුම් ගැසීමෙන් බාධා සිදු වන බව පවසා ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීය.

ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත අදාළ ස්ථානය වෙත එප්පාවල පොලිස් ස්ථානයේ නිළධාරීන්ද පැමිණියහ. පොලිස් නිළධාරීන් සමඟ ගබඩා පරිශ්‍රය වෙත ගම්වාසීන්ද ඇතුළු වූ අතර, එම වී ගබඩා පරිශ්‍රය තුළ කසල තේ ගෙන ආ කන්ටේනර් දෙකක්, රේගු නිළධාරීන් පැමිණි වෑන් රථයක් ඇතුළු රජ්‍යය ලාංඡන සහිත කැබ් රථ කීපයක්ද දැක ගත හැකි විය.

කන්ටේනර් පෙට්ටි දෙක තුළ ඇති ඇසුරුම් කළ කසල තේ වල ඇසුරුම් ඉවත් කර කසල තේ ගබඩා දෙකක් තුළ බිමට හලන අයුරු දැක ගත හැකි වූ අතර, ඉවත් කරන කසල තේ වල ඇසුරුම් වූ කාඩ්බෝඩ් පෙට්ටි හා පොලිතීන් ගබඩා පරිශ්‍රයේ ස්ථාන දෙකක ගිණි තබන අයුරුද දැක ගත හැකි විය.

එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් අදාළ ස්ථානයේ සිටි පිරිසගෙන විමසා සිටියේ එහි කුමක්ද සිදු වන්නේ යන්නයි.

එවිට පැමිණි නිළධාරියකු කියා සිටියේ මම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ, අපි කොම්පෝට් හදනවානේ, ඒකට ගෙනාපුවා මේ යනුවෙනි.

එවිට පොලීසිය අදාළ ස්ථානයේ කසල තේ ගබඩා කිරීමට ලබා දුන් අවසර පත්‍රය ඔහුගෙන් විමසා සිටි අතර, එවැනි අවසර පතක් ඉදිරිපත් කිරීමට අදාළ නිළධාරියාට නොහැකි විය.
අනතුරුව අදාළ ස්ථානයේ සිටි රේගු නිළධාරීන්ගෙන්ද මේ සම්බන්ධයෙන් පොලීසිය විමසීමක් කළ අතර,

රේගු නිළධාරීන් කියා සිටියේ, අපි ගෙනාපු පෙට්ටි තමා මේ පුච්චන්නේ, තේ කොළ මේ ගබඩාවේ තැන්පත් කරනවා.

මෙතන මොනවා හරි කරන්න ඔයාලට දුන්න අවසර පත්‍රය මට දෙන්න, එච්චරයි මට අවශය යැයි පොලීසිය පැවසු විට , ඉඩම් කොමිෂන් සභාවේ නිළධාරියා සතුව එවැනි අවසර පතක් නොමැති බවද පැවසූ අතර, මේ පෙට්ටි දාලා යන්න බෑ, පිටට යවන්න බෑ ඒ නිසා තමයි ගිණි තියන්නේ යැයි පැවසීය.

අනතුරුව රේගු නිළධාරීන් විසින් අදාළ කසල තේ තොගය නිදහස් කිරීම සම්බන්ධ ලිපියක් පොලීසිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.එම ලිපිය පොලීසිය විසින් පරික්ෂා කළ අතර, කසල තේ බහාලුම් 44 ක් එප්පාවල ඇතුළු ස්ථාන 08 ක් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් එහි සඳහන්වී තිබිණි.

අනතුරුව ගම්වාසීන් කියා සිටියේ මෙතන ගිණි තියන්න බෑනේ මේවා, අවට ගෙවල් වල පොඩි ළමයි ඉන්නවා, ගෙවල් වල ඉන්න බෑ දුම යැයි පැවසීය.

රේගු නිළධාරීන් කියා සිටියේ, අපි කස්ටම් එකේ, අපිට වැඩක් නෑ මේ කසල තේ, එස්.එම් චන්ද්‍රසේන මහත්තයා හරහා මේ ගොල්ල ඉල්ලලා තියෙනවා, කොම්පෝස්ට් හදන්න මේවා.
ඉඩම් කොමිෂන් සභාවේ යැයි පැවසූ නිළධාරියා කියා සිටියේ, අපි මේවා ගෙනාවේ කාබනික පොහොර හදන්න, මේවාගේ පොටෑසියම් වැඩියි.ගබඩා කරලා අපි මේවා කොම්පෝස්ට් වලට මිශ්‍ර කරන්න අරන් යනවා.රේගුවෙන් මේවා ටික නිදහස් කරලා යන්නයි ආවේ.

ගම්වාසීන් අවට පරික්ෂා කළ අතර, රේගු නිළධාරීන් පැමිණ වාහන තුළ මෙන්ම අවට මත්පැන්, බයිට් ඇතුළු දෑ දැක ගත හැකි විය.

අනතුරුව ගම්වාසීන් හමුවට පැමිණි රේගු නිළධාරීන් කියා සිටියේ, අපිටත් මේක ප්‍රශ්නයක් අපි මේ ටැංකි දෙක සීල් කරලා අරන් යනවා කොළඹට යනුවෙනි.

එවිට ගම්වාසීන් කියා සිටියේ මේකේ එක එක දේවල් ගිණි තියන්න මේක සොහොන් පිටියක් නෙමෙයිනේ, අපිව දැනුම්වත් කරලාත් නෑ, යනුවෙනි.

එවිට ඉඩම් අමාත්‍යංශයේ යැයි පැවසූ නිළධාරියා පැමිණ කියා සිටියේ මේවා පුච්චන එක නේ ගැටලුවක් වෙලා තියෙන්නේ, ඒ නිසා අපි මේවා පුච්චන එක නවත්වන්නම්, අපි මේ රටට කාබනික පොහොර හදන්නනේ මේවා කරන්නේ යැයි පැවසීය.

එවිට ගම්වැසියකු කියා සිටියේ කාබනික පොහොර හැදුවා කියලා අපිට වැඩක් නෑ, එවිට ඉඩම් අමාත්‍යංශයේ නිළධාරින් කියා සිටියේ අපිටත් වැඩක් නෑ, අපි ගන්නෙත් නෑ මේ පොහොර, අපි මේවා අපි හදන කාබනික පොහොර තියෙනවා නේ, මේවායේ පොටෑසියම් වැඩියි මේවා කළවම් කරලා කාබනික පොහොර හදන්න හදන්නේ.නැත්නම් මේ කසල තේ ගිණි දානවානේ, මේවායේ පොටෑසියම් වැඩියි කියලා සහතික කරපු ලියවිලි තිබේදැයි විමසු විට එවැනි ලියවිලක් ඒ අවස්ථාවේ තමා සතුව නොමැති බවද, එස්.එම් චන්ද්‍රසේන ඇමතිතුමා කියලා තමයි අපි මේවා ගෙනාවේ, අපේ වරායේ නතර කරලා තිබ්බා විදේශ රටකින් ප්‍රතික්ෂේප කරපු කසල කන්ටේනර් 40 ක් තියෙනවා අපි දෙකක් නිදහස් කර ගත්තා, මේවා ඔක්කොම පුච්චන්න තමයි නියෝග කරලා තිබ්බේ, නමුත් ඉඩම් අමාත්‍යංශයේන් මේවා නිදහස් කර ගත්තා , යැයි ඉඩම් අමාත්‍යංශ නිළධාරීන් පැවසීය.

අනතුරුව එම ස්ථානයේ කසල තේ ඇසුරුම් ඉවත් කළ කම්කරුවන්ද පැමිණ තමන්ට ගම්වාසීන්ගෙන් තර්ජනයක් විය හැකි බැවින් පොලිස් ආරක්ෂාව ලබා දිය යුතුයැයිද, නොඑසේනම් රාජකාරී කරන්නේ නැති බවද පැවසීය.

අනතුරුව එම ස්ථානයේ උණුසුම් තත්වයක්ද ඇති විය. කොම්පෝස්ට් කියලා මුං කසල තේ දෙන්න හදන්නේ, පොලීසිය මැදිහත් වී අදාළ තත්වය සමතයකට පත් කළ අතර, ගම්වාසීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.අනතුරුව පොලීසියද එම ස්ථානයෙන් පිටව ගිය අයුරු දැක ගත හැකි විය.

 

තිසර සමල් – අනුරාධපුර

 

 

Post Views: 9
Previous Post

සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයෙන් ඔක්සිජන් ජනන යන්ත්‍ර පරිත්‍යාගයක්

Next Post

ගුරුවරුගේ අර්බුදය ගැන බැලුවේ වර්තමාන රජයයි – ඇමැති ගාමිණි

editor

editor

Next Post

ගුරුවරුගේ අර්බුදය ගැන බැලුවේ වර්තමාන රජයයි - ඇමැති ගාමිණි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved