පොතුවිල්, ඔරුක්කලමලේ ප්රදේශයේ රජයේ රක්ෂිතයක් අනවසරයෙන් එළිකරමින් සිටි පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා ශාස්ත්රවෙල කඳවුරේ නිලදාරින් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අක්කර 02 ක පමණ ප්රමාණයක් කපා එලි පෙහෙලි කර ඇති බව පොලිසිය පවසයි. එම පිරිස අවුරුදු 22, 24, 26 සහ 42 වයස්වල පසුවන පොතුවිල් ප්රදේශයේ පදිංචිකරුවන් වේ.