• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙරට විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මුල් අදියර ලබන 11 දා විවෘත කෙරේ

9 November 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රෝහලක් තුළ ඉදිකෙරෙන මෙරට විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය වන මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අදියර සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් ලබන 11 වනදා විවෘත කිරිමට නියමිතයි.

මෙය මෙරට සෞඛ්‍ය පද්ධතියේ පිළිකා රෝගී ප්‍රතිකාර සම්බන්ධයෙන් මහරගම අපේක්ෂා රෝහලට පමණක් දෙවැනි වන අතර මෙම ඒකකයද ඉහළම නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විතය.

මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදිවෙන මෙය තට්ටු 12 කින් සමන්විතය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකරීම් කටයුතු මේ වන විට සම්පුර්ණයෙන් අවසන් කර ඇති අතර දෙවැනි අදියරේ ඉදිකරීම් කටයුතු 33% ක් මේ වන විට අවසන් කර තිබේ. ඇදන් 600 ක ධාරිතාවයකින් ඉදි වෙන මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 1945 ක් රජය මගින් වැය කරනු ලැබේ.

මහනුවර ජාතික රෝහල හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මේ වන විට ක්‍රියාත්මක හා ඉදිරියට සිදු කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී අද (09) පැවති විශේෂ සාකච්චාවකදී මේ බව අනාවරණය විය.

තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස තට්ටු 9 ක ගොඩනැගිල්ලක් මහනුවර රෝහල් පරීශ්‍රය තුල ඉදි කරනු ලබන අතර මේ සඳහා රුපියල් මිලියන 1700 ක් රජය වියදම් කරනු ලබයි. එහි 35 % ක ඉදිකිරීම් අවසන් කර ඇති අතර එම ව්‍යාපෘතිය මගින් තැලසීමියාවෙන් පෙලෙන දරුවන්ට ප්‍රතිකාර කිරීමටත් ඇට මිදුළු බද්ධ කිරීම වැනි ප්‍රතිකාර කිරීමටත් හැකිවනු ඇත.

රුපියල් මිලියන 1700 ක මුදලක් වැය කර මහනුවර රෝහල් පරීශ්‍රයේ ඉදිකරනු ලබන හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතුද මේ වන විට 20% ක් අවසන් කර තිබේ. තට්ටු 7 කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ දැඩි සත්කාර ඒකක 3 ක්, ශල්‍යාගාර 3 ක් , ස්නායු ශල්‍ය ප්‍රතිකාර ඒකකයක් , හදිසි ප්‍රතිකාර ඒකක හා තවත් අංශ රැසකින් සමන්විතය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තෙවැනි මහලේ ඉදි කිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී‍.

මෙම රෝහල් වල සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයය දැනුවත් කිරීම සඳහා සටහන් සකස් කර කඩිනමින් තමා වෙත ලබා දෙන ලෙසටද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර ඉදිරියේදී පළාත් මට්ටමින් මෙවැනි ප්‍රගති සමාලෝචන සාකච්ජා ක්‍රියාත්මක කරන ලෙසටද හෙතෙම උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වි. වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න, ප්‍රධාන මුල්‍ය නිලධාරී හේමන්ත ස්වර්ණතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

 

 

 

 

 

Post Views: 0
Previous Post

විභාග දෙපාර්තමේන්තුවෙන් O/L සහ A/L අයදුම්කරුවන්ට දැනුම් දීමක්

Next Post

සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස නියම කිරීමේ පනත් කෙටුම්පතට අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස නියම කිරීමේ පනත් කෙටුම්පතට අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved