27 April 2024
#දේශීය

විභාග දෙපාර්තමේන්තුවෙන් O/L සහ A/L අයදුම්කරුවන්ට දැනුම් දීමක්

අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම හෙට (10) සිට 20 වනදා දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් විශාල ප්‍රමාණයක් නැවත අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව සලසන ලෙසට සිදු කරන ලද ඉල්ලීම් හේතුවෙනි.

ඒ අනුව, මාර්ගගත (Online) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම(Mobile App) “DoE”වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතු වේ.

උක්ත විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) හා මුරපද (Password) භාවිතයෙන් අයදුම් කළ යුතු වේ. පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වේ. ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුය.

තට ද, 2020 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ සෞන්දර්යය විෂයයන් වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර 01 දින සිට 11 දින දක්වා පැවැත්වීමට ද කටයුතු සිදු කරමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *