• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස සම්මාන ලබයි

16 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස ගෞරවණීය සඳහනක් හිමිකර ගැනීමට පසුගියදා සමත් විය.

වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ Daily FT එක්ව සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනු සමාගම් – 2021’ සම්මාන උළෙලේදී මෙම ගෞරවණීය සඳහන DFCC බැංකුව වෙත හිමි විය.

පොදුවේ සියලුම දෙනා වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කරමින්, අභියෝග වලට මුහුණ දිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩව දරන්නා වූ උත්සාහයන් වෙනුවෙන් බැංකුව වෙත මෙම ඇගයීම හිමි වී තිබේ. මෙය එක් අතකින් බැංකුවේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබිඹු කරන අතර, අනික් අතින් කොටස් හිමිකරුවන්, ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය සහ පොදුවේ සමස්ත මහජනතාව වෙත යහපත් බලපෑමක් ඇතිකරන ආර්ථික, සමාජයීය හා පාරිසරික වටිනාකම් නිර්මාණය කිරීම සඳහා බැංකුව ගෙන ඇති පියවර වෙනුවෙන් ලැබුණු ඇගයීමක් ලෙසද හැඳින්විය හැකි ය.

තවද මෙම ඇගයීම, DFCC බැංකුව වසර 65 කට අධික කාලයක් පුරා සංවර්ධන හා වාණිජ බැංකුකරණයන් තුළ ඉටුකළ මෙහෙවර සහ, දේශීය හා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන වෙතින් හිමි වූ ඉහළ තලයේ ශ්‍රේණිගත කිරීම් සමගින් වෙළඳපොළ තුළ අත්පත් කරගත් සාර්ථකත්වය මැනැවින් නිරූපණය කරන ජයග්‍රහණයකි. පොදුවේ කාටත් වාණිජ බැංකු සේවාවන් සලසන බැංකුවක් ලෙස DFCC බැංකුව ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි හඳුන්වා දී ඇති, පුළුල් පරාසයක පැතිරුණු නිර්මාණශීලී සේවාවන් එකතුව පසුගිය කාලය තුළ මෙරටදී මෙන්ම ජාත්‍යන්තර තලය තුළදීද විවිධ ඇගයීම් වලට ලක්විය.

අවසන් වටයට තේරුණු සමාගම් හා ආයතන වල ඉහළ කළමනාකාරීත්වය විසින් කරන ලද ඉදිරිපත් කිරීම් සැලකිල්ලට ගනිමින්, විනිශ්චය මණ්ඩලය විසින් වෙන වෙනම ලකුණු ලබාදීමේ ක්‍රමයක් යටතේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනු සමාගම්’ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලදි. දක්ෂ වෘත්තිකයන් සමාගම වෙත ආකර්ෂණය කර ගැනීමේ සහ ඔවුන් සමාගම තුළ රඳවා ගැනීමේ හැකියාව, වෙළඳපොළට හඳුන්වා දී ඇති නිෂ්පාදන හා සේවාවන්ගේ ප්‍රමිතිය, නවෝත්පාදන හැකියාව, ප්‍රජාව වෙත යහපත සැලසීම සඳහා ඉටුකරන කාර්යභාරය සහ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලනය යනාදී සාධක කෙරෙහි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු විය. එමෙන්ම අවංකභාවය සහ, සියලුම ආකාරයේ වංචා හා දූෂණ වලට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග ආදිය කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමුකරන ලද අතර, ඉහත සඳහන් කරුණු ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඇති ආකාරය හඳුනා ගැනීම සඳහා විනිශ්චය මණ්ඩලය සහ කළමනාකාරීත්ව කණ්ඩායම් අතර සම්මුඛ සාකච්ඡාද පවත්වන ලදි.

“ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ සමාගමක් ලෙස ගෞරවණීය සඳහනක් හිමිවීම අප ලැබූ විශාල ගෞරවයක්. අපට මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකියාව ලැබුණේ ජාත්‍යන්තර තලයේ බැංකු සේවා විසඳුම් සමගින් අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන් සවිබල ගැන්වීමට අප අඛණ්ඩව උත්සාහ දරන නිසයි. මෙම ඇගයීම, ආර්ථික, සමාජයීය හා පාරිසරික වශයෙන් ස්ථාවර සහ, අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහය තවදුරටත් දිරිගන්වන සාධකයක් බවට පත්වේවි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසී ය.

DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

 

පිටපත – PR

Post Views: 7
Previous Post

මාතලේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන නිරික්ෂනයට

Next Post

අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන්න – අගමැති

editor

editor

Next Post

අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved