• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් ‘DFCC ආලෝකා’ ඉතුරුම් ගිණුම හඳුන්වා දෙයි

27 December 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, කාන්තාවන් වෙනුවෙන් ‘DFCC ආලෝකා’ නමින් විශේෂ ඉතුරුම් ගිණුමක් හඳුන්වා දී තිබේ.

මෙය කාන්තාවන්ට තම පෞද්ගලික හා ව්‍යාපාරික ජීවිත සාර්ථක කරගැනීමට අත්වැලක් වෙමින් රටේ සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදීම ඉලක්ක කරගත් සුවිශේෂී ඉතුරුම් ගිණුමකි.

රු. 1,000/- ක ආරම්භක තැන්පතු මුදලකින් ආරම්භ කළ හැකි DFCC ආලෝකා ගිණුමේ ශේෂය සඳහා, වෙළඳපොළේ සාමාන්‍ය පොලී අනුපාතයට වඩා ඉහළ පොලියක්, එනම් 4.25% ක වාර්ෂික පොලියක් හිමි වේ. මීට අමතරව, කාන්තාවන්ට සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වල දියුණුවට උපකාරී වන ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් වී ඇත.

ලියාපදිංචි ගාස්තුව හෝ වාර්ෂික ගාස්තු නොමැති ඩෙබිට් කාඩ්පතක් හිමි වීම, ඕනෑම DFCC හෝ LankaPay ATM යන්ත්‍රයකින් නොමිලේ මුදල් ආපසු ලබාගත හැකි වීම, ඩිජිටල් බැංකුකරණ සේවාවන් නොමිලේ හිමි වීම සහ MTeller හරහා Home Banking සේවාව ලබාගත හැකි වීම මීට ඇතුළත් ය. ව්‍යාපාර අත්වැල යටතේ DFCC ආලෝකා ඉතුරුම් ගිණුම් හිමියන්ට කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම හා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ උපදේශන සේවාවන් සහ සුවිශේෂී ණය යෝජනා ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

එමෙන්ම සුවිශේෂී පොලී අනුපාත යටතේ පෞද්ගලික හා නිවාස ණය සහ උකස් සේවාවන්, ණය පිරිසැකසුම් ගාස්තු සඳහා විශේෂ වට්ටම්, ලියාපදිංචි ගාස්තුව හා ප්‍රථම වර්ෂයේ ගාස්තු රහිත අලුත්ම ක්‍රෙඩිට් කාඩ්පතක් සහ රු, 25,000/- ට වැඩි ගෙවීම් සඳහා මාස 6 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද DFCC ආලෝකා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ. තවද ගිණුම් හිමියන්ට රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව, තම ගිණුමේ ශේෂයේ සාමාන්‍යය මෙන් 10 ගුණයක් දක්වා වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ හිමිවන අතර, Doc990 සේවාව ඔස්සේ තමන් සහ තම පවුලේ සාමාජිකයන් 3 දෙනෙකු සඳහා ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් නොමිලේ හිමිවනු ඇත. එපමණක් නොව, දරු උපත, ගිණුම් හිමියාගේ 21 වැනි උපන්දිනය, උපාධි ලබාගැනීම්, විවාහය සහ 25 වන විවාහ සංවත්සරය වැනි සුවිශේෂී සන්ධිස්ථාන වලදී ගිණුම් හිමියන්ට ත්‍යාග පිරිනැමීමටද කටයුතු කර තිබීම මෙහි තවත් විශේෂත්වයකි.

වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික කාන්තාවකට ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත පැමිණ DFCC ආලෝකා ගිණුමක් විවෘත කළ හැකි අතර, ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා පැය 24 පුරා සහය සේවාවක්ද ක්‍රියාත්මක වේ.

DFCC ආලෝකා ගිණුම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “තම නිවෙස, ආර්ථිකය සහ සමස්තයක් ලෙස රටේ ඉදිරි ගමන තුළ කාන්තාවන් ඉටුකරන මෙහෙවර ඇගයීම සඳහා DFCC බැංකුව සෑම විටම උත්සාහ කරනවා. DFCC ආලෝකා ගිණුම ඔස්සේ අපගේ අරමුණ වන්නේ, කාන්තාවන්ට තම පෞද්ගලික හා ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා සවිමත් අත්වැලක් සැපයීමයි. කාටත් සමාන අවස්ථා ලබාදෙන, තම පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙනුවෙන් සමාජයීය වටිනාකම් නිර්මාණය කිරීමට කැපවී සිටින DFCC බැංකුව, තිරසාරත්වයේ නියමුවෙකු වශයෙන්, රටේ ආර්ථික හා සමාජයීය සුරක්ෂිතභාවය තහවුරු කිරීමට දරන උත්සාහයේ නවතම පියවර වන්නේ DFCC ආලෝකා ගිණුමයි.”

 

Post Views: 12
Previous Post

සංචාරක ආකර්ෂණිය ස්ථාන වල පහසුකම් නංවාලීමේ අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක්

Next Post

ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය කථානායක හමුවෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය කථානායක හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved