හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ එහි ප්‍රදර්ශනය කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේය. අනතුරුව ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් බැහැදැක සුහද කතාබහක නිරත වූ ඒ මහතා, ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මෙම උතුම් අවස්ථාව උදාකර දීම වෙනුවෙන් ඉන්දීය රජයට සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සිය ස්තූතිය පිරිනැමීය.
මෙම සුවිශේෂී ධාතු ප්‍රදර්ශනය සංවිධානය කිරීම පිළිබඳව ගංගාරාම විහාරාධිකාරී මහා සංඝරත්නයට සහ ඊට සහය වූ දෙරටේම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට ද හිටපු ජනාධිපතිවරයා සිය ගෞරවය පුද කළේය. මෙරට සැදැහැවතුන් විශාල පිරිසක් මේ වන විටත් ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණෙමින් පවතී.














