එළඹෙන උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා (මාර්තු 23) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. උත්සව සමයේ අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිත බව සහතික කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ මෙම විශේෂ පරීක්ෂණ කටයුතු සඳහා දිවයින පුරා විසිරී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000කට අධික පිරිසක් සහභාගී වන බවයි. මෙහිදී නරක් වූ හෝ කල් ඉකුත් වූ ආහාර අලෙවි කරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.














