27 April 2024
#දේශීය

සුනඛයෙකු බේරීමට ගොස් වයස 05 දරුවෙකු රිය අනතුරින් මියයයි

කටුපොත, රඹාවැව සිට කඩහපොල ධාවනය වු ත්‍රිරෝද රථයක මාර්ගය හරහා ගමන් කල සුනඛයෙකු ගැටීම වැලැක්වීමට ගොස් සිදු වු අනතුරින් එහි ගමන් ගත් කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (14) සවස 6 ට පමණ ත්‍රිරෝද රථය ගල්වැව බෝධිය අසලසී කටුපොත දෙසට ධාවනය කිරීමේදී සුනඛයෙකු ගැටීම වැලැක්වීමට උත්සාහ කිරීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුවී ඇත. එම අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කල කුඩා දරුවෙකු කටුපොත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දරුවා කටුමුලුව, කනත්තේවැව ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 05 ක්වන දරුවෙකි. අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු ඇතුළු සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණැගල රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *