27 April 2024
#දේශීය

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට

බගවන්තලාව, ලොයිනෝන් වත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (16) පස්වරුවේ බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කැණිම් කිරීම සඳහා උපයෝගි කරගන්නා උපකරණ ද තිබු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27, 39, 52 සහ 58 වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ලබන 19 දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *