27 April 2024
#දේශීය

පශ්චාත් දේශපාලනය නොකර හෙට දවස ගැන හිතමු – හිටපු ජනාධිපති මෛත්‍රිපාල

අප දැන් කල යුතු වන්නේ පශ්චාත් දේශපාලනය නොවන හෙට දවස ගැන සිතා වැඩ කිරීම බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් සිරිසේන මහතා පැවසුවේ පසුගිය කාලයේදී පැවැති අරගලය ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු බවයි. අරගලයේ අරමුණ සෙවීම සඳහා කොමිෂන් සභාවත් පත් කල යුතු බව ද හෙතෙම පැවසිය.

බදු පැනවීම හෙයින් ඉහල සිට පහළ ව්‍යාපාරිකයින් කඩා වැටෙන බව පෙනීයනවා. දුෂණය වංචාව හොරකම වැට බදින වැඩපිළිවෙලක් සකස් කිරීම ඉතා වැදගත් බව සිරිසේන මහතා මෙහිදී පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *