27 April 2024
#දේශීය

2023 ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලෝකඩ සම්මානයක්

‍ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) විසින් සංවිධානය කළ 2023 ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.

රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ කාණ්ඩ හතක් යටතේ සම්මාන ප්‍රදානය සිදු වු අතර රාජ්‍ය අංශයේ ලෝකඩ සම්මානය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හිමිවිය.

සීඝ්‍රයෙන් ඩිජිටල්කරණය දක්වා ගමන් කරන ආයතන සහ සාර්ථව ඩිජිටල්කරණය වු ආයතන ඇගැයීම මෙන්ම අනෙකුත් ආයතන ඩිජිටල්කරණය වෙත යොමු කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වේ.

මෙම සම්මාන උළෙලේදී ඩීජිටල් කරණයවු පාරිභෝගික ඇත්දැකීම්, ඩිජිටල්කරණයවු නිෂ්පාදන හා සේවා, ඩිජිටල්කරණය වු මෙහෙයුම් පද්ධති, ඩිජිටල්කරණය වු ආයතන, පුර්ණ වශයෙන් පරිවර්තනයවු ආයතන, ඩිජිටල් ස්වරූපයෙන්ම ආරම්භ වු ආයතන හා රාජ්‍ය ආයතන යන කාණ්ඩ යටතේ සම්මාන ප්‍රදානයන් සිදුවිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *