27 April 2024
#දේශීය

ප්‍රභූ පැළැන්ති පාලනයට ජන දුක තේරෙන්නෑ – විපක්ෂ නායක සජිත්

මිනිස්කම නොදන්න, මනුෂ්‍යත්වයක් නොමැති ජනතාවගේ දුක කදුල වේදනාව නොතේරෙන ජනතාව සිටින තත්ත්වය ගැන කැක්කුමක් නොමැති ප්‍රභූ පැළැන්තියේ පාලනයක් වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ පසුගියදා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමිනි.

මේ හොර රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසදුමක් ලබා දෙනවා වෙනුවට ජනතාව තවදුරටත් පාගා දමමින් පීඩාවට පත් කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

බදු වැඩි කරමින් පොලී අනුපාත ඉහළ දමමින් කටයුතු කරන මේ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් නොමැති වුවත් වත්මන් ජනාධිපතිවරයා පත් කළ පොහොට්ටුවේ 134 දෙනාගේ ප්‍රශ්නවලට තිරසර විසදුම් ඔවුන් සතුව පවතින බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මේ ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ අරමුණ වන්නේ පොහොට්ටුවට හිතවාදී රාජපක්ෂවරු ආරක්ෂා කිරීම බැවින් මෙකී ජන පීඩක ආණ්ඩුව පළවා හැරීමට ජනතාව පෙළ ගැසිය යුතු බවත් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ආණ්ඩුවට නැති උත්තර විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *