27 April 2024
#දේශීය #පුවත්

විදුලි බල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමේ කුමන්ත්‍රණක් – අනුරාධා යහම්පත්

වර්තමාන රජය විසින් පසුගිය කාලය පුරා සිදුකළ විදුලි ගාස්තු වැඩිවීම පිටුපස විදුලි බල මණ්ඩලය පෞද්ගලික කරණය කිරීමේ කුමන්ත්‍රණක් ඇති බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ පසුගිය 29 වනදා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම මාධ්‍ය හමුවේදී එතුමිය වැඩිදුරටත් සඳහන් කලේ අසාධාරණ මෙන්ම අනවශ්‍ය හා නීතිවිරෝධී ලෙස මහජනතාවට දරා ගත නොහැකි මට්ටමකට විදුලි බිල වැඩි කිරීම තුලින් විදුලි බල මණ්ඩලය හා එහි සේවකයන් පිලිබඳ මහජනතාව තුල පිලිකුලක් හා ද්වේශයක් ඇති කිරීමත් හා එමගින් විදුලි බල මණ්ඩලය පෞද්ගලික කරණ කිරීමට මහජනතාව තුලින්ම මතයක් ඇති කිරීමත් මෙම විදුලි බිල වැඩි කිරීමේ කුමන්ත්‍රණයේ අරමුණ බවයි.

එසේම විදුලි බල මණ්ඩලය පෞද්ගලික කරණයට එරෙහිව තමන් පෙනීසිටින බවද ඇය සඳහන් කලාය.

තවද මෙලෙස අසාධාරණ විදුල වැඩි කිරීමට එරෙහිව එයට අදාල පාර්ලිමේන්තු කමිටුව නිසි පරිදි දැනුවත් කොට පාර්ලිමේන්තුව තුල හා නීති මාර්ගයෙන්ද ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක වන බවද යහම්පත් මහත්මිය සඳහන් කලාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *