27 April 2024
#දේශීය #පුවත්

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය සුබ නැකතකින් එලි දැක්වීම ලඟදීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ‘පුටුව’ ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ සියලු කටයුතු අවසන් ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සුදුසු නැකැතක් සකස් කර ලඟදීම නව සන්ධානය කොළඹදී එළිදැක්වීමට තීරණය කර තිබේ.

සියලු පක්ෂ, කණ්ඩායම් සහ මන්ත්‍රිවරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර විශාල පිරිසක් නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත් ඒ අනුව ‘පුටුව’ ලකුණෙන් පොදුජන එක්සත් පෙරමුණ නමින් නව සන්ධානය එළිදැක්වීමට ඔවුන් එකඟතා පළ කර තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අදාලව එම පෙරමුණේ ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් එක් කර ඇති අතර එයද කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මහා සම්මේලය මගින්ද අනුමත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද 45කට අධික පිරිසක් ‘පුටුව’ ලකුණෙන් සන්ධාන ගත වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් එම පෙරමුණට නව නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර තිබෙන අතර සන්ධානයට එක්වන පක්ෂවල එකඟතාව මත ලබන සතියේ අලුත් නිලධාරී මණ්ඩලයක්ද පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *