• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්

14 December 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජපාන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අතර අන්තර් සබඳතා, ශ්‍රී ලංකාව තුළ ජපන් භාෂා අධ්‍යයන අවස්ථා, තොරතුරු තාක්ෂණික සහාය, කෘෂිකාර්මික තාක්ෂණික සහාය ලබාදීම සහ වැඩිදියුණු කිරීම සාකච්ඡාවක් ඊයේ (13) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.

ඒ්, නව ජපන් තානාපති මිසුකොෂි හිඩෙයිකි මහතා (MIZUKOSHI Hideaki) සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතරය.

දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජපන් භාෂා අධ්‍යයන අවස්ථා වැඩිදියුණු කරමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වඩ වඩාත් ප්‍රතිලාභ ලබාදීමට, ජපන් භාෂා උපාධි පාඨමාලාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කෙරෙනු ඇත.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ හා ජපානයේ විශ්වවිද්‍යාල අතර විවිධ අධ්‍යයනයන් සඳහා වූ අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මකය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාල‍ය සහ ජපානයේ මයිජෝ (Meijo) විශ්වවිද්‍යාලය අතර ද, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය හා ජපානයේ ඔකායාමා (Okayama) විශ්වවිද්‍යාලයේ පරිසර හා ජීවවිද්‍යා උපාධි පාසල අතර ද, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය හා ජපානයේ රයිකියු (Ryukyu) විශ්වවිද්‍යාලයේ නිවර්තන ජෛව ගෝල පර්යේෂණ මධ්‍යස්ථානය අතර ඒකාබද්ධ අධ්‍යයන සහ පර්යේෂණ පිළිබඳව ද, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ජපානයේ ඔකායාමා (Okayama) විශ්වවිද්‍යාලයේ පරිසර ජීවවිද්‍යා උපාධි පාසල අතර ද වන අවබෝධතා ගිවිසුම් යාවත්කාලීන කරමින් නව අවබෝධතා ගිවිසුම් ද අත්සන් කිරීමට හැකිවනු ඇතැයි තානාපතිවරයා පැවසීය.

ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයට තව තවත් අධ්‍යයන අවස්ථා , තොරතුරු තාක්ෂණ සහාය ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ජපානයේ තොරතුරු තාක්ෂණ අංශ සමඟ සබඳතා පවත්වා ගෙන යාම ඉතා අගය කරන අතර එය ඉතා වැදගත් බව තානාපතිවරයා පැවසීය.

කිලිනොච්චිය, කෘෂිකාර්මික අංශයට නිසි පුහුණු කිරීම් හා තාක්ෂණික සහාය ලබා දෙමින් වියළි කලාපයේ කෘෂිකර්මාන්ත සහාය ලබාදීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී ඇගයීය. තවද දශක හතක කාළය තුළ ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් ආධාර, ප්‍රදාන, ණය ආධාර තුළින් විසල් මානව හා භෞතික සංවර්ධනයකට යා හැකි වූ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. නොබෝදා විවෘත කළ කැළණි නව පාලම මෙන් ම, විවිධ යටිතල පහසුකම්, පර්යේෂණ, දුම්රිය මාර්ග, රෝහල්, ජලය, වාරි, සංස්කෘතික අවශ්‍යතාවයන් ඒ අතර වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වන අතර ජපන් භාෂාව උගත් ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හා ප්‍රමුඛතා වැඩි වශයෙන් ලබාදීම පිළිබඳවත් අගය කළේය.

හරිත ලොවක් සඳහා විදුලි මෝටර් රථවල අවශ්‍යතාවය දැඩිව දැනෙන අතර ඒ සඳහා වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම කෙරෙහි තානාපතිවරයා අවධානය යොමු කළේය. එහිදී අමාත්‍යවරයා පැවසූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන බවත්ය. පළමුව පාසල් බස් රථ වලින් මෙය ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳවත් කතිකා විය.

එමෙන් ම Covid 19 සඳහා වූ එන්නත් අපට අවශ්‍යම අවස්ථාවේ දී ලබාදීම පිළිබඳවත් අමාත්‍යවරයා ස්තුති කළේය.

Post Views: 11
Previous Post

ගෑස් පිපිරීම් වලින් හානිවන වින්දිතයින්ට නීතිඥ සහය නොමිලේ දෙනවා – විපක්ෂ නායක

Next Post

කාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනයට කරනවා- රාජ්‍ය අමාත්‍ය රොෂාන්

editor

editor

Next Post

කාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනයට කරනවා- රාජ්‍ය අමාත්‍ය රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට  අවසර දෙන බව පවසන  වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර දෙන බව පවසන වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

21 April 2026
ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා  ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ  DP World අතර සාකච්ඡා

ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ DP World අතර සාකච්ඡා

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved